Thursday 18th of June 2026

English Tamil
Advertiesment


ඉමිටියාස් පොහොට්ටුවට..? මහින්දගෙන් ආරාධනයක්..!


2018-07-31 14857

“මම ඉන්නේ රනිල් එක්ක නොවෙයි පක්ෂය එක්ක”

2005 කළ උදව්ව ගැනත් මහින්ද මතක් කරලා..!

ඉමිතියාස් බාකීර් එජාපයට අහිමි වෙයි ද..?

(සුජිත් මංගල ද සිල්වා)

තමා සමග ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට එක්වන්න යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයකු සහ හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ඉමිතියාස් බාකීර් මාකර් මහතාට විවෘත ආරාධනයක් කර තිබේ.

ඔහු මේ ආරාධනාව කර තිබෙන්නේ කළුතර,බේරුවල,චීන කොටුවේ ඉරිදා(29) පැවති සුප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරික පලීල් හාජ්ජියාර් මහතාගේ මුණුපුරාගේ විවාහ මංගල උත්සවයේදීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉමිතියාස් බාකීර් මාකර් මහතාට මේ විවෘත ආරාධනය කරමින් සියලු දෙනා ඉදිරියේ කිව්ව කතාව මෙසේය.

“ඉමිතියාස්...ඔය රනිල් වික්‍රමසිංහ කිසි කෙනෙක්ට සලකන්නේ නැහැ.මිනිස්ස්සු වෙනුවෙන් පෙනී ඉන්නෙත් නැහැ.එතුමා සලකන්නේ එතුමාගේ කට්ටියට විතරයි.බලන්න...ඔයා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක්..දක්ෂයෙක්..මුස්ලිම් නායකයෙක්...එත් තාමත් ඔයාට සලකල නැහැනේ...ඒක නිසා ඔයා එන්න අපිත් එක්ක.රනිල් වික්‍රමසිංහ එක්ක ඉඳල වැඩක් නැහැ.අපි මිනිස්සුන්ට සලකනවා.ඔයා මට 2005 දී ලොකු උදව්වක් කළා.ඒක මට තාම මතකයි.අපි ඒවා අමතක කරන්නේ නැහැ.2020 දී අපි කොහොමත් දිනනවා. ඔයාට අපිත් එක්ක වැඩ කරන්න පුළුවන්.මම ඔයාව බලා ගන්නම්”

රනිල් වික්‍රමසිංහ මහතා සමග තමා ඉන්නා බවට මහින්ද රාජපක්ෂ මහතා කිව්ව කතාවට කෙටි පිළිතුරක් ලබා දෙමින් ඉමිතියාස් බාකීර් මාකර් මහතා එහිදී කියා සිටියේ මෙවැනි කතාවකි.

“හරි..හරි..මම එක්සත් ජාතික පාක්ෂිකයෙක් නේ...ඉතිං මම ඉන්නේ පක්ෂයත් එක්ක”

මේ අතර එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙළ යටතේ පක්ෂයේ මහ ලේකම් ධූරයට ජ්‍යෙෂ්ඨයින් ගණනාවක් යෝජනා කළේ ඉමිතියාස් බාකීර් මාකර් මහතාගේ නම වන අතර කෙසේ නමුත් අවසානයේදී එම තනතුර ඔහුට ලබා නොදී අකිල විරාජ් කාරියවසම් මහතාට ලබාදීම සම්බන්ධයෙන් ඔහු යම් මට්ටමකට දේශපාලන වශයෙන් කලකිරී සිටින බව ඉමිතියාස් බාකීර් මාකර් මහතාගේ පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එම ආරංචි මාර්ග වැඩි දුරටත් “lankanewsweek” සමග තහවුරු කර කියා සිටියේ මුස්ලිම් නායකයෙකු,දක්ෂයකු,උගතෙකු සහ ජ්‍යෙෂ්ඨයකු ලෙස ඉමිතියාස් බාකීර් මාකර් මහතාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට හෝ විදේශ තානාපතිවරයකු ලෙස හෝ පත් කර ඔහුගෙන් සේවයක් ගනු ඇතැයි කළුතර මුස්ලිම් ඇතුළු සමස්ථ ජනයා බලාපොරොත්තු වූ බවය.

කෙසේ නමුත් අවසානයේදී සිදු වුණේ ඉමිතියාස් බර්කීර් මාකර් මහතා ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ උපදේශකයකු කර ඔහු පැත්තකට කර තැබීම බව ද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

 

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment